
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ඉතිහාසයේ දීර්ඝතම ජනමාධ්‍ය හමුව පවත්වා නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඔහුගේ කාර්යාලය ඉරිදා නිවේදනය කළේය.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම සඳහා සෙනසුරාදා පැවැති මෙම ජනමාධ්‍ය හමුව පෙ.ව. 10:00 ට ආරම්භ වී පැය 15 කට ආසන්න කාලයක් පැවති අතර එය ආසන්න වශයෙන් පැය 14 යි මිනිත්තු 54 කින් අවසන් කර ඇත.
ජනමාධ්‍ය හමුව අතරතුර ජනාධිපති මුයිසු යාඥා කිරීම සඳහා කෙටි වේලාවක් පමණක් එය නතරකර තිබේ.
ජනාධිපති කාර්යාලයට අනුව, මෙය යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් පිහිටුවන ලද පෙර වාර්තාව අභිබවා ගියේය.
2019 ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනය වාර්තා කළේ, සෙලෙන්ස්කිගේ පැය 14 ක ජනමාධ්‍ය හමුව බෙලාරුසියානු දේශපාලනඥයකු වන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් පවත්වන ලද පැය හතකට වැඩි වාර්තාව බිඳදැමූ බවයි.
සෙනසුරාදා පැවැති ජනමාධ්‍ය හමුව අතරතුර, ජනාධිපති මුයිසු වෙත ජනමාධ්‍යවේදීන්ගෙන් පුළුල් පරාසයක ප්‍රශ්න ඉදිරිපත් වුණු අතර, ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කරන ලද මහජන විමසීම්වලටද පිළිතුරු දුන් බව ඔහුගේ කාර්යාලය පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart