
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා රටේ මුදල් ඉතිරි කරගැනීමේ අරමුණින් තමාට සහ තම ආණ්ඩුවේ සියලුම සාමාජිකයන්ගේ විදේශීය සංචාර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
මලාවි රාජ්‍යය සිය දුර්වල ආර්ථිකය නංවාලීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් (IMF) ණයක් ලබාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇත්තේ එරට මුදල් ඒකකයේ විශාල අවප්‍රමාණයක්ද සමගිනි.
ජනපති චක්වේරා දැනට විදේශගතව සිටින සියලුම ඇමැතිවරුන්ට ආපසු සිය රට බලා පැමිණෙන ලෙසද නියෝග කර තිබේ.
මේ අතර ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉන්ධන දීමනාද 50%කින් කපාහැර ඇත.
පෙට්‍රල් සහ ඩීසල්වල උග්‍ර හිඟයකින් මෙන්ම ඉහළ උද්ධමනයකින් ද පිඩා විඳින මලාවි ආර්ථිකය කැලඹිලි සහිත කාලයකට මුහුණ දී තිබේ.
රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, 2024 මාර්තු මාසයේදී වත්මන් මූල්‍ය වර්ෂය අවසන් වන තෙක් මෙම පියවර ක්‍රියාත්මක වන බවයි.
ජීවන වියදම් අර්බුදය සමනය කිරීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස, මීළඟ අයවැය සමාලෝචනයේදී සියලුම රජයේ සේවකයන් සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් සඳහා ප්‍රතිපාදන සලසන ලෙස ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට දැනුම්දී තිබේ.
මේ අතර IMF ණය වැඩසටහනක් ක්‍රියාත්මක, මෙවැනිම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අලුතින් බලයට පත්වූ මාලදිවයිනේ ජනාධිපතිවරයාට සුභපැතීම වෙනුවෙන් පෙරේදා පස්වරුවේ එරටට පිටත්ව ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart