
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස නියම කළ රුපියල් මිලියන 100ක මුදලින් රුපියල් මිලියන 15 ක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙවා තිබේ.
ඔහු ඒ බව මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් මෙම මුදල ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණ.
මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ දක්වා ඇත්තේ තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප ලෙස මසකට මාසිකව රුපියල් 97,500 ක් ලැබෙන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දීමනා හැර රුපියල් 54, 285 ක මුදලක් ආදායම වශයෙන් ලැබෙන බව පවසන ඔහු, පසුගිය 28 වනදා රුපියල් මිලියන 15ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවූ බව සඳහන් කර ඇත.
ඉතිරි වන්දි මුදල වන නොගෙවූ මිලියන 85 ක මුදල වසරකට රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ගෙවීමටත් ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක් ගෙවීමටත් මෙම තීන්දුවෙන් නියෝග කළේය.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක් ද, පූජිත් ජයසුන්දර මහතා 1, 725,588 ක් ද හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 05 ක්ද ගෙවා ඇති බව වාර්තා වෙයි.
මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියනයක වන්දියක් ද ගෙවා ඇත්තේ රජය වෙනුවෙන්ය. මෙම ගෙවීම් හානි පූර්ණ කාර්යාලය වෙත ගෙවා ඇති බවද සඳහන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart