
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ විසින්, තමාට අපහාස කරන ලද බව පවසමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව-මාධ්‍ය අධ්යක්ෂ සිසිර සෙන්පති කහවත්තට රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා ඇත.
නීතිඥ ඩී.එම්.එම්.එම්.විජයරත්න හරහා යොමුකර ඇති එම එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපති මාධ්‍ය අංශයේ දේපළ අවභාවිත කරමින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ප්රකාශවූ කරුණු විකෘති කරමින්, මනෝජ් ගමගේ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ෆෙෆ්බුක් සමාජ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවයි.
එසේම එම පෝස්ටුවවල සඳහන් පරිදි මනෝජ් ගමගේ බාල බෙහෙත් ගෙන්වූ අධ්‍යක්ෂක මණ්ඩලයේ(ඖෂධ නියාමන අධිකාරියේ) සිටිමින් නිලධාරීන්ට බලපෑම් කර බවට කිසිදු කරුණක් අනාවරණයේ වී නොතිබියදී, ඔහු එලෙස කළ බවට ජනතාව අතර අසත්‍ය ප්‍රකාශයක් දියත් කරමින්, සිය සේවාදායක කෙරෙහි රටේ පොදු මහජනතාව තුළ බරපතල ද්වේශයක් අප්‍රසාදයක් හා/හෝ අපකීර්තියක් චේතනාන්විතව ඇති කිරීමට ද්වේශ සහගතව උත්සාහ ගෙන ඇති බවද අදාළ නීතිඥවරයා මනෝජ් ගමගේ වෙනුවෙන් එන්තරවාසියේ සඳහන් කර ඇත.
අදාළ එන්තරවාසිය පහතින් දැක්වේ;
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart