
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ දේශපාලන යනු කිසිදු හිරිකිතයක් නොමැති ව්‍යාපාරයකි.
සිය විරුද්ධවාදී අනෙකා කරගන්නා පුද්ගලයා, දේශපාලන වාසිය වෙනුවෙන් තවත් මොහොතකින් වැළඳගැනීම එම හිරිකිතය තුළ නිතර සිදුවන්නකි.
මෙහි සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ ය.
මීට මාස කිහිපයකට පෙර ගුණතිලක රාජපක්ෂ රෝහල්ගත වූයේ මහින්දානන්ද තමාට බරපතල මුෂ්ඨි ප්‍රහාරයක් එල්ල කළ බව පවසමිනි.
එම ප්‍රහාරයෙන් රාජපක්ෂගේ පාදයක අස්ථියක් බිඳී ගොස් තිබිණි.
එම ප්‍රහාරය ගැන රාජපක්ෂ පොලිසියට පැමිණිලි කළ අතර, පොලිසිය ඒ ගැන නිසි පරීක්ෂණයක් නොකරන බවටද ඔහු දොස් නැගීය.
කෙසේවෙතත් ,ඒ නයි මුගටියන් ජෝඩුව ඉදිරි දේශපාලන බලය වෙනුවෙන්, ගසාගෙන යන ගංවතුරේ රනිල් වික්‍රමසිංහගේ ‘කොටයට’ නැග සිටිනු ඊයේ අකුරණ දී පැවැති ප්රචාරක රැලියේදී මෙසේ දැකගත හැකි විය.
ගුණතිලක රාජපක්ෂ මෙම රැස්වීමට පැමිණ තිබුණේ තවමත් සුව නොවුණු පාදය සමග කිහිලිකරු ආධාරයෙනි.
(ඡායාරුපය – ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart