
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව ඇතැම් පරිසර සංවිධාන සහ සත්ව සුබසාධක සංගම් විසින් නීතිමය පියවර ගත් පසු එම වැඩපිළිවෙල නැවතී ඇතත්, අදාළ චීන සමාගම එම සතුන් ඔවුන්ට ලබාදෙන මෙන් ඉල්ලූ ස්ථාවරත්වයේ තවමත් ඇතැයි, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
එම සතුන් චීනයට ලබාදීමේ නීතිමය හැකියාව කෘෂිකර්ම අමාත්‍යංශය සතුව නොමැති බවත්, චීන පෞද්ගලික සමාගමක් යොමුකළ එම යෝජනාව ඉටුකළ හැකිදැයි සොයා බැලීමට කමිටුවක් පත්කළේ එම නිසා බවත්, ඇමැතිවරයා පවසයි.
වගාවන්ට සිදුවන සත්ව හානිය වළක්වාගැනීම සම්බන්ධයෙන් සියලු පාර්ශවවලින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලූ අතර, එසේ යෝජනා වූ ඉල්ලීම් ප්‍රයෝගික නොවන විකාර ඒවා මිස සාධනීයව ක්‍රියාත්මක කළ නොහැකි ඒවා බව ඔහු සඳහන් කරයි.
ඇතැම් අය වාසෙක්ටමි, ටියුබෙක්ටමි වැනි වඳ සැත්කම් සිදු කරන මෙන් කියූ බවත්, එවැනි සැත්කම් කළ සතුන් ඉන්පසු මැහුම් කඩාගෙන දුක් විඳ මරණයට පත්වන බව සත්ව සුබසාධක සංගම් නොදන්නා බවත්, ඇමතිවරයා සඳහන් කරයි.
වන සතුන් හේතුවෙන් සිදු වන වගාහානි නිසා රටේ ගොවීන් විඳිනා දුක මෙම සංගම් නොදන්නා බවත්, මීට පසු වනසතුන්ගෙන් වන හානි පිළිබඳව තමන්ගෙන් අසන්නේ නැතිව කොළඹ සීත කාමරවල සිට සතුන්ගෙන් ලැබෙන ඩොලර් වලින් යැපෙන සත්ව සුබසාධක සංගම්වලින් අසාගන්නා ලෙස ඉල්ලන බවත්, ඇමැතිවරයා පවසයි.
එමෙන්ම චීන සමාගම මෙන්ම තවත් යුරෝපිය රටවල සත්වෝද්‍යාන කිහිපයක් මෙරට රිලවුන් ඉල්ලු අතර, සත්ව හානි වලක්වා ගැනීමට ගන්න තිබූ වැඩපිළිවෙල කඩාකප්පල් කළ බව සඳහන් කළ ඇමැතිවරයා, වගාහානි සම්බන්ධයෙන් ගතයුතු විසඳුම්, මෙම වැඩසටහන කඩාකප්පල් කළ සංගම්වලින්ම ඇසිය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart