
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අවලංගු කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්, එම වගන්ති අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ සහ හිටපු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහාන් විජේවික්‍රම යන අය විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇත.
යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති බලතල බෙදීමේ මූලධර්මය උල්ලංඝනය කරන බව පෙත්සම්කරුවෝ තර්ක කරති.
පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් ජනතාවගේ ස්වෛරීභාවය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ස්වාධීනත්වයට හානිකරන බව ද ඔවුහු කියාසිටිති.
සමස්තයක් ලෙස ගත්කල, පනත් කෙටුම්පත මූලික ව්‍යවස්ථාමය මූලධර්ම උල්ලංඝනය කරන බවත්, පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) වගන්ති උල්ලංඝනය කරන බවත් ඔවුහු තවදුරටත් පවසති.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කර, පසුව ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත නොකළහොත්, පනත් කෙටුම්පතේ අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
මීට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද එම පනත් කෙටුම්පතට අභියෝග කරමින් පෙත්සම් ගොනුකළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart