May 12, 2026

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබාගත්තේ යැයි එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

ඊට අමතරව හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නද අද (12) දින අල්ලස් කොමිසමට කැඳවා ඇත.

මෙම කැඳවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ජනමාධ්‍ය කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, අදාළ කැඳවීමට අනුව තමා අල්ලස් කොමිසමට යෑමට බලාපොරොත්තු වන බවයි.

අද උදෑසන 10ට පමණ මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.