
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තණතීරුවලට හැඩනොගැසීම සහ පිතිකරුවන්ගේ අතිශය දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වන්නට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික මහීෂ් තීක්ෂණ පාපොච්චාරණයක් සිදුකළේය.
ඔහු මෙම පාපොච්චාරණය සිදුකර ඇත්තේ ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී හොඳින් ක්‍රිඩා නොකළ බව මහීෂ් තීක්ෂණ එහිදී පිළිගත්තේය.
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් නෙදර්ලන්තයට එරෙහිව පවතින අතර එය උපරිම උත්සාහයෙන් ජයග්‍රහණය කිරීමට බලාපොරෝත්තුවන බවද මහිෂ් තීක්ෂණ සඳහන් කළේය.
නේපාලය සමග අද තරගය ක්‍රිඩා කිරීමට අවස්ථාවක් හිමිවුයේ නම් එම තරගය ජයගනිමින් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට යෑම සඳහා ශ්‍රි ලංකාවට යම් බලාපොරෝත්තුවක් තබාගැනීමට අවස්ථාව තිබුණද එය වර්ෂාව හේතුවෙන් අහිමිව යන ලදී.
ශ්‍රී ලංකාව තරගවදින ඩී කාණ්ඩයෙන් පළමු තරග තුන ජයගෙන සිටි දකුණු අප්‍රිකාව මේ වනවිට සුපිරි අටදෙනාගේ වටයට පිවිසි පළමු කණ්ඩායමට බවට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart