
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කර ඇති මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා 1993 වර්ෂයේ සිට අය කරනු ලබන රුපියල් 1,000ක නිවාස කුලී මුදල සංශෝධනය කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළිබඳ විගණකාධිපති වාර්තා ඔස්සේ මේ බව අනාවරණය කර ඇත.
මාදිවෙල නිල නිවාස ලබාදීමේ දී පාර්ලිමේන්තු මහලේකම්වරයා සමඟ ඇතිකර ගනුලබන ගිවිසුම ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ වහාම නිල නිවාස හිස් කර නැවත භාර දීම සිදු කළ යුතුය.
එසේ නිල නිවාස භාරනුදුන් කාලය වෙනුවෙන් මන්ත්‍රීවරයෙකුගෙන් දිනකට රුපියල් 500 බැගින් දණ්ඩමුදලක් සහ අයවිය යුතු විදුලි, ජල බිල්පත් ඇතුළුව මන්ත්‍රීවරු 06 දෙනකුගෙන් රුපියල් 455,904 ක මුදල් විගණිත දිනය වූ 2022 නොවැම්බර් 15 දින වන විට අය කර ගැනීමට නොහැකි වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
එසේම 2020 දෙසැම්බර් 19 දිනැති අංක 20/1997/302/028 දරන ඇමැති මණ්ඩල අනුමැතියට අනුව මාදිවෙල නිල නිවාස ලබා ගැනීමට නොහැකි වූ මන්ත්‍රීවරුන් සඳහා මාසිකව රුපියල් 75,000ක් ගෙවනු ලබන අතර 2021 වර්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනකුට සහ 2022 සැප්තැම්බර් මාසය දක්වා මන්ත්‍රීවරුන් 08 දෙනකුට පිළිවෙලින් රුපියල් 6,750,000 ක් සහ රුපියල් 4,875,000 ක් ගෙවා ඇත.
මාදිවෙල නිල නිවාසවල ජල, විදුලි හා දුරකථන බිල්පත් සඳහා තැන්පතු ලෙස අය කරනු ලබන රුපියල් 1,000ක මුදල, කාලීනව සමාලෝචනය කර සංශෝධනය කිරීමට කටයුතු කර නැති බවද වැඩිදුරටත් අනාවරණය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart