
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් හංගේරියාවේ බුඩපෙස්ට් හිදී ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලැබීය.
ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් තරගය තත්ත්පර 9.83 කින් අවසන් කරමින්ය.
දෙවන ස්ථානය හිමි වූයේ බොට්ස්වානා හි ලෙට්සිල් ටොබේගේ හටයි.
ඔහුගේ තරග නිමි කාලය තත්ත්පර 9.88 කි.
තත්ත්පර 9.88 කින් තරගය නිමා කළ මහා බ්‍රිතාන්‍යයේ සාහේල් හියුස් තෙවැනි ස්ථානයට පත් වූයේ ටොබේගේට වඩා තත්ත්පරයෙන් 1000කින් එකක පමාවක් නිසාවෙනි.
එය මීටර් 100 පිරිමි ඉසව්වේ දී බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් විසින් වසර 20කට පසු දිනූ පළමු පදක්කම ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart