
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් රෝහල්ගත කරන ළමුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, සිය දරුවන් ප්‍රතිකාර සඳහා හෝ සායන වෙත කැඳවාගෙන ඒමේදී අත්‍යවශ්‍ය වෛද්‍ය ලේඛන පහක් අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
පවතින ඩෙංගු තත්ත්වය හමුවේ රෝහලට පැමිණෙන ළමුන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේය.
රෝගීන් සංඛ්‍යාව අධික වුවද, දරුවන්ට ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් ලබා දීමට නම් දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, ප්‍රතිකාර හෝ සායනික පරීක්ෂණ සඳහා දරුවන් රෝහලට යොමු කිරීමේදී පහත සඳහන් ලේඛන රැගෙන එන ලෙස දෙමාපියන්ට දැනුම් දෙනු ලැබේ:
පුද්ගලික සෞඛ්‍ය අංකය හෝ බාර්කෝඩ් පත
ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තාව හෝ බර මැනීමේ පොත
ඖෂධ සහ ආහාර ආසාත්මිකතා පිළිබඳ වාර්තා
සායනික සටහන් පොත්
රෝහලෙන් පිටවීමේ වාර්තා හෝ රෝග විනිශ්චය වාර්තා
මෙම වැඩපිළිවෙළ සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරන අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයේ 011 2693711 (සම්බන්ධක අංක 307) ඔස්සේ ලබා ගත හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart