
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාලවල නිලධාරීන් දෛනිකව මැදිහත් වන අලි-මිනිස් ගැටුම කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව වාහන 294 ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එම සැලසුම යටතේ පළමු අදියර ලෙස වාහන 181 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සංකේතාත්මකව භාරදීම අද (27) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙහිදී ලබාදුන් වාහන වන්නේ, කැබ් රථ 16 ක් සහ යතුරුපැදි 181 කි
මෙම වාහන මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2 කට ආසන්න මුදලක් වැය කර ඇත.
අලි-මිනිස් ගැටුම උග්‍ර ලෙස පවතින ප්‍රදේශ හඳුනාගෙන, එම ප්‍රදේශවල පිහිටි අඩවි සහ බීට්ටු කාර්යාල වෙත මෙම වාහන ප්‍රමුඛතා පදනම මත ලබාදීමට නියමිතය.
වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් යටිතල පහසුකම් නැංවීමේ පියවරක් ලෙස, පසුගිය මස 20 වැනි දින ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ට්‍රැක්ටර් රථ 09 ක් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කර තිබිණි.
මෙම සංකේතාත්මක භාරදීමේ උත්සව අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ඇතුළු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart