
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට මෑතදී ගත් තීරණය නිසා රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදු විය හැකි බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ, රට ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක අදාළ තීරණය රජය විසින් ගත යුතුව තිබූ තීරණයක් නොවන බවයි.
“මෙවැනි තීරණ ගැනීමෙන් රාජ්‍යයට සිදුවන පාඩුවට වගකියන්න යන්නේ කවුද? දැන්ම මැතිවරණය නොපැවැත්වුණත් පළාත් පාලන මැතිවරණය කොයි මොහොතක හෝ පැවැත්විය යුතුයි” යනුවෙන් ප්‍රකාශ කළ විධායක අධ්‍යක්ෂවරයා, 2023 පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් විශාල මුදලක් වැය කර ඇති බව පෙන්වාදෙයි.
සැප්තැම්බර් 20 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන පිළිබඳ ඇමැති උපදේශක කාරක සභාව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට ඒකමතිකව එකඟ විය.
මැතිවරණ කල්දැමීම හේතුවෙන් නාමයෝජනා භාරදී ඇති පිරිස් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව සළකා බැලීමෙන් අනතුරුව අදාළ තීරණයට එළඹ තිබේ.
පළාත් පාලන මතිවරණය වෙනුවෙන් අවසන් වරට ඇස්තමේන්තුගත කර තිබුණු පිරිවැය රුපියල් බිලියන 9.3ක් පමණ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart