
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මරණ දණ්ඩනයට නියම වී ලොව දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳි සිරකරුවාව ජපාන අධිකරණයක් විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
88 හැවිරිදි එම පුද්ගලයා වසර 50කට ආසන්න කාලයක් සිරගතව සිටියේය.
1968 දී සිය ආයතන ප්‍රධානියා, එම පුද්ගලයාගේ බිරිඳ සහ ඔවුන්ගේ යොවුන් වියේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් Iwao Hakamada, වරදකරු වීම නිසා මරණීය දණ්ඩනය නියමව සිටියේය.
මෙම සිව්පුද්ගල මිනීමැරුම් සම්බන්ධයෙන් ඔහුව වරදකරු කිරීමට තුඩු දුන් සාක්ෂි විමර්ශකයන් විසින් සකස් කරන ලද ඒවා බවට ඇති වූ සැකය හේතුවෙන් ඔහුට පසුගිය වසරේ නැවත නඩු විභාගයක් ලබාදෙන ලදී.
ඒ අනුව එහිදී දුන් මෙම තීන්දුව ජපානයේ දීර්ඝතම සහ වඩාත් ප්‍රසිද්ධ නීතිමය කතාවක අවසානය සනිටුහන් කරයි.
එරට පශ්චාත් යුද ඉතිහාසයේ මරණ දණ්ඩනය නියමව සිට නැවත නඩු විභාගයක් ලබා දුන් පස්වැනි සිරකරුවා බවට Iwao Hakamada පත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart