
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ 50MWක සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතත් මෙම ටෙන්ඩර සඳහා දේශීය ආයෝජකයන්ට ප්‍රවේශ වීමේ අවස්ථා විදුලි බල අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය ක්රමෝපයික ලෙස අවහිර කර ඇති බව ඒම ක්ෂේත්රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව යටතේ බලශක්ති අමාත්‍යාංශය හා විදුලිබල මණ්ඩලය විසින් මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉඩම් දෙකක, බිම් කට්ටි 10 බැගින් මේ සඳහා වෙන්කර තිබිණි.
මෙම බලාගාර දෙක ඉදිරිකිර්ම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන් ටෙන්ඩර් කැඳවා තිබේ.
ඒසේ වුවද මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබාදුන්නද ඉදිකිරීම් කටයුතු දේශීය සමාගමකට කළ නොහැකි වන ආකාරයේ කොන්දේසි ටෙන්ඩර් පත්‍රිකාවේ සඳහන් කර ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒම ආරංචි මාර්ගවලට අනුව මෙම ටෙන්ඩර් යොමුකරන ආයෝජකයන් මීට පෙර 50MWක සුළං විදුලි බලාගාර දෙකක් සැළසුම් කර තිබිය යුතු සමාගමක් වියයුතු බවත්, මෙම බලාගාර ඉදිකරන ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිර්ම් (EPC) සමාගම් මීට පෙර ඉදිකර ඇති බලාගාර දෙකින් ඒකක් වෙනත් රටක ඉදිකර තිබිය යුතු බවත් දක්වා තිබේ.
මෙම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දේශීයව මෙවැනි බලාගාරයක් ඉදිකිරීම සඳහා සුදුසුකම් ඇති ආයෝජකයන් සිටියද, මෙවැනි කොන්දේසි පැනවීමේ අරමුණ සූක්ෂ්ම ලෙස ඒම ආයෝජකයන් කපා හැරීමට දැනදැනම මෙම කටයුතු සිදුකර ඇති බවයි.
කාලාන්තරයක් තිස්සේ මෙරට විදුලිබල ක්ෂේත්රයේ සාර්ථකව නියැලෙන පෞද්ගලික අංශයේ දේශීය ආයෝජකයන් සහ විදුලි බලාගාර ඉදිකිරීම් සමාගම් රැසක් සිටියද මෙම කොන්දේසි නිසා එම ආයෝජකයන්ට මෙම කොන්දේසි නිසා අවස්ථාව අහිමි වී ඇතැයි ඒම ආරංචි මාර්ග සඳහන් කරයි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart