June 11, 2026

මැලේසියාවේදී පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැති ABACUS L1B අබක ගණිත තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය අන්තර්ජාතික තලයේ බැබළවීමට මැදවච්චිය අල්-මදීනා මුස්ලිම් මහා විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුම්රි ෆාතිමා සුදා සිසුවිය සමත්ව ඇත.

ලොව පුරා රටවල් 13ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ දක්ෂ තරඟකරුවන් 3,500ක් අභිබවමින් ඇය මෙම විශිෂ්ට අධ්‍යාපනික ජයග්‍රහණය අත්කරගෙන තිබේ.

මෙලෙස මෙරටට ඉමහත් කීර්තියක් අත්කර දුන් සුම්රි ෆාතිමා ඇගයීම සහ උපහාර පිදීමේ විශේෂ උත්සවයක් අල්-මදීනා විද්‍යාලයේ විදුහල්පති එස්.කේ. උවයිස් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබිණි.