March 17, 2026

මෙම මාසයේ ලිට්‍රෝ සමගම වෙනුවෙන් එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් දැනටමත් පැමිණ ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.

එසේම දින දෙකක් ඇතුළත තවත් මෙට්‍රික් ටොන් 33,000ක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට පැවැත්වෙන විශේෂ ජනමාධ්‍ය හමුවක් අමතමිනි.