November 29, 2026

හෙට පැවැත්වෙන බව කියන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකා, නොවැම්බර් 30 වැනි දින සියලුම දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අයවැය මගින් ප්‍රමාණවත් දීමනා ලබාදීමට අපොහොසත් වීමට විරෝධය පළකරමින් වෘත්තීය සමිති කිහිපයක් සඳුදා දිනයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතය.

කෙසේවෙතත්, සැලසුම් කර ඇති එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.