
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා විදුලි සෝපානයක් සවිකිරීමට අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම වාර්තාවලට අනුව ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස විදුලි සෝපානයක් ස්ථාපිත කිරීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
පසුගිය වකවානුවේ සීගිරිය පර්වතය තරණය කිරීමේදී පුද්ගලයන් කිහිපදෙනකු හෘදයාබාධවලට ගොදුරුවීම වැනි තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ‘මව්බිම’ වාර්තා කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සීගිරියේ ප්‍රථමාධාර ඒකකයක් පිහිටුවීමටද සාකච්ඡා වී ඇතැයි පැවැසේ.
මීට අමතරව ප්‍රවේශපත්‍ර කවුළුවල පවතින ගැටළු, වන සතුන්ගෙන් සංචාරකයන්ට සිදුවන ගැහැට, මාර්ගෝපදේශ සේවාවන් ආදී සීගිරිය ආශ්‍රිත ගැටළු රැසක් පිළිබඳවද අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart