
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙන අතර එහිදී රුපියල් බිලියන 25කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රුපියල් මිලියන 3.3 ක බලපත්‍ර ගාස්තුවක් අයකරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රුපියල් මිලියන 3.5 ක් බැගින් වනු ඇත.
මේ අතර රුපියල් බිලියන 2,000 ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රුපියල් මිලියන 38 ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 40 ක් දක්වා ඉහළ නංවා තිබේ.
එක් එක් වත්කම් පදනම් කාණ්ඩ යටතේ 2024 සහ 2025 වසර දෙක සඳහා වාර්ෂිකව බලපවත්නා බලපත්‍ර ගාස්තු සටහන පහතින් දැක්වේ. 2023 වසර සඳහා අදාළ වූ බලපත්‍ර ගාස්තු සටහන ද මෙහි සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart