
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාස හය තුළ මොරටුව, එගොඩඋයන ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර එය සෞඛ්‍ය නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දයා බණ්ඩාර මවුසාව පැවසුවේ ළමුන් හයදෙනෙකු ඇතුළුව ලාදුරු රෝගීන් 23 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති බවයි.
ලාදුරු රෝගීන් යැයි සැකකෙරෙන තවත් පුද්ගලයන් 31 දෙනෙකු චර්ම රෝග සායනයට යොමුකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුලාදුරු රෝගීන් විය හැකි බව ඔහු පැවසීය.
ප්‍රදේශයේ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමේ අනුපාතය පිළිබඳව මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
පසුගිය වසරේ ළමුන් නවදෙනෙකු ඇතුළුව රෝගීන් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය.
“බොහෝ බෝවන රෝග මෙන්ම ප්‍රතිකාර මගින් ලාදුරු රෝගයද සුවකළ හැකි අතර රෝගීන් මෙම රෝගය පිළිබඳව කිසිදු බියක් ඇති කර නොගත යුතුයි. වෛරසය ආසාදනය වී වසර 15 කට පමණ පසුව පවා රෝගයේ රෝග ලක්ෂණ මතු විය හැකියි. කෙසේවෙතත්, බොහෝ රෝගීන් එය රහසක් ලෙස තබාගැනීමට උත්සාහ කරන නිසා එය තත්වය තවත් නරක අතට හැරෙනවා. මේ හේතුවෙන් රෝගීන් හඳුනාගැනීම දුෂ්කර යි” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය.
සායනවලදී රෝගීන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart