
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගම් භේද පක්ෂ පාට භේද නොමැතිව සියලුමදෙනා එක්වී මාතෘ භූමිය පාලනය කරන ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කරමු යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ඊයේ (14) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.
“අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න අයිතිය ඕනේ. ඒ අයිතිය නැති කරලා අසාධාරණයට ලක්කරලා ත්‍රස්තවාදී කණ්ඩායමක් අද වන විට මේ රට පාලනය කරනවා. මේ අය මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන නෑ. ඒ නිසා, අපි ජනතාවගෙන් යැපෙන නිසා ජනතාවට කරුණාවෙන් කෘතගුණ සැළකීමක් ලෙස මේ රට පාලනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමෙන් බෙරා ගැනීමට අපි මුලපුරනවා.
මහා සංඝරත්නය, සිව්වනක් පිරිස, සිංහල, දෙමළ, මුස්ලිම් තුන ඒ වගේම සියලුම ආගමික නායකයන් එකතු වෙලා මේ රට නිදහස් කර ගන්න කටයුතු කරනවා. මේ මංගල අවස්ථාවට සියලු ජනතාවට ආරාධනා කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart