
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් යෝජනා කර ඇති විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන සාධාරණීකරණය කරන ‘ජනවරමේ නීතිඥයෝ’ සංවිධානය, විසඳී නොමැති දූෂණ නඩු තිබෙන දේශපාලනඥයන් මෙම පනත අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ලෙස නිරූපණය කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරයි.
ජාතික ජන බලවේගයට අනුබද්ධිත මෙම නීතිඥ සංවිධානයේ නීතිඥවරුන් ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියාසිටියේ, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති මෙම යෝජනාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවෙන බවයි.
එම යෝජනාවට අනුව අග්රවිනිශ්චයකාරවරයා අවුරුදු 67 පිරෙන තෙක් හෝ පත්වූ දින සිට වසර හයක් යනතුරු (එයින් පළමුවෙන් සිදුවන අවස්ථාව අනුව) සේවයේ නිරත වනු ඇත.
මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ නංවන අතර, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවන් අවුරුදු 60 වෙනුවට 62 න් විශ්‍රාම යනු ඇත.
තවත් රටවල් කිහිපයකම මෙවැනිම විශ්‍රාම වයස් සීමාවන් පවතින බව පෙන්වාදුන් නීතිඥවරු, ඕස්ට්‍රේලියාවේ සහ ඩෙන්මාර්කයේ විනිසුරුවන් වයස අවුරුදු 70 දී ද, කැනඩාවේ සහ බ්‍රසීලයේ 75 දී ද විශ්‍රාම යන බවත්, එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවන් සඳහා නිශ්චිත විශ්‍රාම යන වයසක් නොමැති බවත් සඳහන් කළහ.
ඇමෙරිකානු නීතිවේදී ඔලිවර් වෙනිඩෙල් හෝම්ස් ජූනියර්ගේගේ අදහස් ද උපුටා දක්වමින් ඔවුන් කියාසිටියේ, විනිසුරුවන්ගේ පළපුරුද්ද යනු නීති පද්ධතිය ශක්තිමත් කරන වැදගත් සම්පතක් බවයි.
‘ජනවරමේ නීතිඥයෝ’ සංවිධානයට අනුව, මෙම යෝජිත සංශෝධනවල අරමුණ වන්නේ අධිකරණවල පවතින ප්‍රමාදයන් අවම කිරීම සහ රජයේ පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය වීමයි.
කාලයක් තිස්සේ පවතින විනිසුරුවන්ගේ හිඟයට සහ ඒ හේතුවෙන් ගොඩගැසී ඇති නඩු ප්‍රමාණයට විසඳුම් සෙවීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව ඔවුහු පැවසූහ.
මහාධිකරණ විනිසුරු තනතුරු 110 ක් අනුමත කර තිබුණද දැනට පිරවී ඇත්තේ තනතුරු 93 ක් පමණක් බව පෙන්වාදුන් ඔවුන්, අමතර අධිකරණ සහ අධිකරණ නිලධාරීන් ද අවශ්‍ය බව වැඩිදුරටත් පැවසූහ.
මෙම සංශෝධනය කිසිදු තනි විනිසුරුවරයකුට සේවයක් සැලසීම සඳහා සකස් කරන ලද්දක් නොවන බවට පවසමින්, එම චෝදනා ප්‍රතික්ෂේප කළ එම කණ්ඩායම, දූෂණ පරීක්ෂණවලට මුහුණදෙන දේශපාලනඥයන් මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ලෙස පෙන්වමින් එය අඩපණ කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart