
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙසෙල්වත්ත, සාංචියාරච්චි වත්ත ප්‍රදේශයේ අතහැර දැමූ ගොඩනැගිල්ලක සිට ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කළ බවට චෝදනා ලැබ සිටි නීතිඥවරයකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරු සතුව අයිස් මිලිග්‍රෑම් 130ක්, ‘අයිස්’ භාවිතය සඳහා යොදා ගන්නා විවිධ උපකරණ සහ නීතිඥ හැඳුනුම්පතක් තිබී සොයා ගෙන තිබිණි.
ලැබුණු තොරතුරු මත, කෙසෙල්වත්ත පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම පාළු ගොඩනැගිල්ලට ඇතුළු වී එය පරීක්ෂා කළ අවස්ථාවේ සැකකරු ‘අයිස්’ භාවිත කරමින් සිටියදී හසු වී තිබේ.
සැකකරු සතුව තිබූ නීතිඥවරයාගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී, ඔහු 1996 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් පුද්ගලයකු බව හෙළි වී ඇත.
ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ වෘත්තියෙන් නීතිඥයකු ලෙස කටයුතු කරන අයකු බව පරීක්ෂණවලින් වැඩිදුරටත් හෙළි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුබෝවිල සරණංකර පාරේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart