February 14, 2026

අකුරේගොඩ දී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලේදී එම වෙඩිතැබීම සිදුකර ඇති අතර අදාළ පිරිමි පුද්ගලයා සහ කාන්තාව මෝටර් රථය තුලදීම මියගොස් තිබේ.

ප්‍රහාරය සඳහා T56 ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකකරයි.