
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර විවාදයට පහසුකම් සැලසීමට නීති ශිෂ්‍ය සංගමය ඉදිරිපත්ව සිටී.
රට පුරා නීති සිසුන් නියෝජනය කරන ප්‍රමුඛතම ආයතනය වන නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර විසින් ඊට අදාළ ආරාධනා පක්ෂ දෙකේම නියෝජිතයන් වෙත යොමුකර තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරටත් ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි නායක අනුර කුමාර දිසානායකට සහ එහි විධායක මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්සට මෙම ආරාධනා පත්‍ර යොමුකර ඇත.
එම සංගමය මෙය සැලසුම් කර ඇත්තේ දෙපාර්ශ්වයේ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශවලට සමගාමීවය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සොයා බැලීමටත්, ඒවාට ප්‍රතිචාර වශයෙන් එක් එක් පාර්ශ්ව විසින් යෝජනා කරන ආර්ථික ප්‍රතිපත්ති විමර්ශනය කිරීමටත් නීති ශිෂ්‍ය සංගමය සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart