Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්තිය පිළිබඳ බලාපොරොත්තු පළ කරමින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය අලුත් බලාපොරොත්තුවක් ඇති කර තිබෙන ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ප්‍රකාශ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අහිම්සා වික්‍රමතුංග කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන මානව හිමිකම් ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් අවසාන වශයෙන් ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම නායකත්වය නැවුම් ඉදිරි දර්ශනයක් ගෙන එනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
“අවුරුදු 15ක් තිස්සේ අපගේ නිර්භීත හා දක්ෂ රහස් පරීක්ෂකයන් විසින් අතිමහත් සාක්ෂි තිබියදීත්, බලයේ සිටි රජයන් අපේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කළ අතර එය රටේ දණ්ඩමුක්තියේ සංස්කෘතිය පිළිබඳ මනාව සිහිපත් කරයි. යුක්තිය පතා සිටීම සඳහා මා හට පවුල හැරදා වෙනත් රටකට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි කළේ නැත.”
“රාජපක්ෂ ත්‍රස්තවාදී පාලනය යටතේ බිහිසුණු අහිමිවීම්වලට ලක්වූ මගේ පියා ඇතුළු තවත් පවුල් රැසකට යුක්තිය ඉටු කරන බවට සපථ කළ අනුර කුමාර දිසානායකට අපි සුබ පතනවා. වගවීම සහ සාධාරණ ශ්‍රී ලංකාවක් සඳහා ඔහුගේ රජය සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart