
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැස්බෑව සහ බෙල්ලන්විල යන ප්‍රදේශවල සිදු කළ වැටළීමකින් නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකාබද්ධව සිදුකළ වැටළීමකදීය.
මධ්‍යම පරිසර අධිකාරියට ලද රහසිගත තොරතුරක් මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුකළ මෙම වැටළීමේදී කිලෝග්‍රෑම් 1625 ක පමණ ප්‍රමාණයකින් යුත් නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සොයාගෙන ඇත.
කැස්බෑව කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක මෙම ලන්ච්ෂීට් තොගය නිෂ්පාදනය කරමින් තිබියදී වැටළීම සිදුකළ බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය.
එමෙන්ම බෙල්ල්නවිල, පන්සල පාරේ ලොරි රථයක ගබඩා කර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 125 ක්ද සොයාගැනුණු බව එම අධිකාරිය පවසයි.
ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart