
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මර්දනයෙන් සහ දරිද්‍රතාවයෙන් පෙළෙන දස දහස් සංඛ්‍යාත උතුරු කොරියානුවෝ ගොඩබිම් දේශසීමාව හරහා දුෂ්කර ලෙස චීනයට සංක්‍රමණය වීමට ගොස් අත්අඩංගුවට පත්වීමට සහ පිටුවහල් කිරීමට මුහුණ දී සිටිති.
වාර්තා පවසන්නේ පළාගිය අයට ආපසු උතුරු කොරියාවට යෑමට සිදුවුවහොත් දැඩි දඬුවම්වලට හෝ මරණ දණ්ඩනයට පවා මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
චීනයේ ඊසානදිග පළාත් තුනෙන් උතුරු කොරියානු වැසියන් විශාල සංඛ්‍යාවක් නැවත උතුරු කොරියාවට හරවා යවා ඇති බව මෑත කාලින වාර්තා අනාවරණය කරයි.
දකුණු කොරියාවේ ස්ථාවරය වන්නේ රටින් පිටවූ උතුරු කොරියානු ජාතිකයන් ඔවුන්ගේ කැමැත්තට පටහැනිව බලහත්කාරයෙන් උතුරු කොරියාවට ආපසු යැවීම නොකළ යුත්තක් බවයි.
ආර්ථික හේතූන් මත නීතිවිරෝධී ලෙස චීනයට ඇතුළු වන උතුරු කොරියානු ජනයා සම්බන්ධයෙන් චීනය සැමවිටම වගකිවයුතු ආකල්පයකින්, දේශීය නීතිය, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයවාදය යන ඒකාබද්ධ මූලධර්මවලට අනුකූලව කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳහන් කර ඇත.
කෙසේවෙතත්, මෙම මාසයේ පළමු සතිදීද උතුරු කොරියානුවන් 600කට වැඩි සංඛ්‍යාවක් චීනය විසින් පිටුවහල් කර ඇති බව දකුණු කොරියානු වාර්තා හෙළිකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart