
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නැවත ක්‍රියාකාරීව එක්වෙමින් දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ‘ඉරිදා ලංකාදීප’ වාර්තා කරයි.
අදාළ වාර්තාවට අනුව හිටපු ජනාධිපතිනියට පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබාදිය යුතු බවට ඇයගේ පාර්ශ්වයෙන් යෝජනාවන්ද ඉදිරිපත් වී ඇතැයි ද දැනගන්නට ඇත.
ඇය මේ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ද සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව ඇය ඉදිරියේ දී ශ්රීලනිපය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වේ.
මේ අතර, හිටපු ජනාධිපතිනිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පත්කරනු ඇත.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන්වන මහින්ද අමරවීර, ශාන් විජයලාල් ද සිල්වා, වැඩබලන මහලේකම් දුශ්මන්ත මිත්‍රපාල, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන අය මෙසේ පත්කර ඇත.
එම පස්දෙනා සහ හිටපු ජනාධිපතිනිය අතර මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන 09වැනිදා හවස 06ට ටොරින්ටන්හි පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිතය.
තමන්ට පක්ෂයේ කටයුතු කරගෙන යෑම සඳහා පක්ෂයේ සභාපති ධූරය වැනි තනතුරක් ලැබීම වඩා සුදුසු බවට ඇයගේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති අතර, ඒ සදහා පක්ෂයේ එකඟතාවක් ලැබුණහොත් පක්ෂයේ සභාපති සහ නායක යන තනතුරු දෙකක් අලුතින් ඇතිකිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිනියගේ හදිසි දේශපාලන ආගමනය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහක් ද මේ වන විට ඇතිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart