March 11, 2026

‘ලංකා ඊ නිවුස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ, වසර 16කට ආසන්න කාලයක් එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබමින් සිටින අතරතුරය.

ඔහුට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවකු ලෙස නම් කර සිටීම මෙම අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වී ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් පසු ආරක්ෂාව වෙනුවෙන් ඔහු රටින් බැහැරව ගියේය.