
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පහළ වූ ප්රමුඛ පෙළේ ගායන ශිල්පියකු, සංගීතඥයකු, රූපණවේදියෙකු සේම යහපත් මිනිසකු ලෙස දෙස් විදෙස් ජනාදරයට පත් ලක්ෂ්මන් විජේසේකරයන් සමුගෙන ගොස් නොවැම්බර් 12 වැනි දිනට දෙවසරක් සපිරේ.
ඔහුගේ අප්‍රමාණ යුග මෙහෙවරද, විශ්මිත මිනිසත්කමද කෘතවේදීව ස්මරණය කරමින් එදින සවස තුනට රාජගිරිය වික්ටෝරියා සුව සෙවනට ඔහු වෙනුවෙන් දානමය පිංකමක් පැවැත්වීමට චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදක වෝල්ටර් අබේසුන්දර ප්රමුඛ මිතුරු කැළ කටයුතු සූදානම් කර ඇත.
ඔහු වෙනුවෙන් එම නිවසේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ආහාර පාන සහ වසරකට සරිලන ඖෂධ පිරිනමන අතර, ඔවුන්ගේ සිත් සුවපත් කිරීම පිණිස ගායන ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතය.
එහිදී විශාරද ශාලික ඉෂාන් මෙහෙයවන සංගීතයට ක්‍රිෂාන්ත එරන්දක, ජානක වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස සහ විහඟ විජේසේකර ගී ගායනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart