February 9, 2026

තමන් කිසිදු අවස්ථාවක ජනාධිපති අරමුදලින් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි සහ නිහාල් ගලප්පත්ති පවසති.

සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කර ඇත. පහතින් දැක්වෙන්නේ, මන්ත්‍රීවරුන් තබා ඇති ෆේස්බුක් සටහනයි.

‘Fake news.. අසත්‍ය පුවතකි..
මා මගේ ජීවිතය තුල ජනාධිපති අරමුදලෙන් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නැත.මෙලෙස මාගේ දේශපාලන කටයුතු වලට හානිවන ලෙස පලකරන පුවත් පිළිබදව දැඩි අප්‍රසාදය පලකරමි.’

ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින ජනමාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරිය උපුටා දක්වමින් ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි සහ නිහාල් ගලප්පත්ති ජනාධිපති අරමුදලින් මුදල් ලබගෙන ඇති බවයි.

උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබිණි.

‘දායසිරි අදින කේස් එක නියෙමට යනව. දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දායා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර. ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා. එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්ව ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ උනාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල. කොමිසම කිව්ව මුදල් පොත දායාට පෙන්නන්න කියල. තාම කොර වෙනව. හේතුව මොකද දන්නවද? නිපුණාරච්චිටයි, ගලප්පතිගෙ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! 🙂 ඇපීල් එක ආයෙ 12දට අහනවා!’