
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ දැනට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 380 කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
පසුගිය මාස හතර තුළ රජයේ රෝහල් ඇතුළු සියලුම රෝහල් රුධිර පරීක්ෂණ පැවැත්වීම නවතා දමා ඇති බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු අනාවරණය කළේය.
පවතින තත්වය හමුවේ රෝගීන්ට රුධිර පරීක්ෂණ පිටතින් සිදුකර ගැනීමට සිදුව ඇති බවත්, ඒ සඳහා මුදල් වැයවන බවත්, තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී රෝහලෙන් පිටත පරීක්ෂණ පැවැත්වීම තහනම් කළ බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම ඔහු අනාවරණ කළේ, ශල්‍යකර්ම සඳහා භාජනය වන රෝගීන්ට දැන් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා ලැයිස්තුවක් ලබා දී ඇති බවයි.
ඒ අනුව, රෝගියකුට බයිපාස් සැත්කමක් සඳහා අවම වශයෙන් රු. 50,000 ක ලැයිස්තුවක් ලබාදෙන බවත්, ඇතැම් ඒවා රුපියල් 100,000 ක් දක්වා ඉහළ යා හැකි බවත් වෛද්‍යවරයෙක් තමාට පැවසූ බව ද රාජිත සේනාරත්න පැවසුවේය.
එවැනි තත්වයන් යටතේ රෝගීන් මුදල් කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart