June 18, 2023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල තරග කාල සටහන නිකුත් කර තිබේ.

ලබන ජුලි මස 30 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් පසුගිය ශුරයින් වන යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම සමග තරග වැදිමට  නියමිතයි

පලමු වටයේ තරග අගොස්තු 15 වැනිදා දක්වා පැවැත්වෙයි.

අවසන් මහා තරගය අගොස්තු 20 වැනිදා පැවැත්වෙන අතර 21 වැනිදා අතිරේක දිනයක් ලෙස වෙන් කර ඇත.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී තරග 4ක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඇතුලු සෙසු තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල්ල අවුරා, බී ලව් කැන්ඩි, ගෝල් ටයිටන්ස් යන කණ්ඩායම් 5 තරගාවලියට එක් වේ.

තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය පසුගිය බදාදා (14 වැනිදා) පැවැත්වුණි.

එහිදී ඇමෙරිකානු ඩොලර් 92,000ක වැඩිම ලංසුව හිමි කර ගත්තේ ඩිල්ශාන් මදුෂංක වන අතර යාපනය කණ්ඩාම ඔහු මිලදී ගත්තේය.

වැඩිම ලංසු හිමිවූ ක්‍රීඩකයින් 8 දෙනාම දේශිය ක්‍රීඩකයින් වූ අතර එම ක්‍රීඩකයින් වූයේ චරිත් අසලංක($80,000), බිනුර ප්‍රනාන්දු ($76,000), ධනංජය ද සිල්වා ($76,000), දිනේෂ් චන්දිමාල් ($72,000), දුෂ්මන්ත චමීර ($70,000), සදීර සමරවික්‍රම ($68,000) සහ කමිඳු මෙන්ඩිස් ($60,000)ය.

වැඩිම ලංසුවක් හිමි වූ විදේශිය ක්‍රීඩකයා වූයේ එතරම් ප්‍රසිද්ධ නැති නවසීලන්ත පිතිකරු චැඩ් බවුස්ය (($58,000)

සිකන්දර් රාසා, ඉම්රාන් තාහිර්, කාර්ලෝස් බ්‍රාත්වේට්, මාටින් ගප්ටිල් වැනි ප්‍රධාන ක්‍රීඩකයින් අලෙවි නොවීම විශේෂත්වයක්.