
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් අද සමත්විය.
ඒ පාකිස්ථානයට එරෙහිව මේ වන විට හයිද්‍රාබාද් හි පැවැත්වෙන තරගයේදීදී ය.
මෙය කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ රැස්කළ තුන්වැනි ශතකයද වේ.
පන්දු 65ක දී වාර්තාවූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 14ක් ඇතුළත් විය.
මීට පෙර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස්කළ වේගවත්ම ශතකය කුමාර් සංගක්කාර රැස්කර තිබුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තයට එරෙහිවය.
කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දු 77ක් අවසානයේ ලකුණු 122ට දැවීගියේය.
සධීර සමරවික්‍රම සමග කුසල් මෙන්ඩිස් තුන්වැනි කඩුල්ල ලකුණු 111ක පිතිකරණ සබදතාවක් පවත්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart