
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන තරගයට ඔහු සුදානමින් සිටින බවත් වාර්තා වේ.
පාකිස්ථානයට එරෙහි අවසන් තරගයේදී ලබාගත් විශිෂ්ට ශතකයෙන් පසු කුසල් මෙන්ඩිස් මස්පිඩු පෙරළීම සහ හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළුණු අතර ඔහුව වහාම රෝහලකට යොමුකිරීමට කටයුතු කෙරිණි.
කණ්ඩායම් ආරංචි මාර්ගවලට අනුව, ශ්‍රී ලංකා උප නායකයා සෞඛ්‍ය ගැටලුවලින් සුවය ලබා ඇති අතර ක්‍රීඩා කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසු යැයි සලකනු ලැබේ.
මීළඟ තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලක්නව් වෙත පැමිණ ඇති අතර, ඔවුන්ට ඊළඟ තරගයට පෙර දින පහක විවේකයක් ලැබී තිබේ.
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟත් ඔක්තෝබර් 21 වැනිදා නෙදර්ලන්තය සමඟත් ලක්නව්හිදී තරග වැදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart