
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විමර්ශන අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් තමා ගත් මෙම තීරණය ස්ථාවරව පවතින බව පවසමින් හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.
සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ අදාළ ලිපිය පහතින් දැක්වේ.
‘අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි
ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් හරහා ඔබතුමන් තුළ ඇති දූෂණයට එරෙහිව සහ ජනවරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය මම බෙහෙවින්ම අගය කරමි.
වංචාව හා දූෂණයට එරෙහිව ලැබූ ජනවරම අනුව යමින්, පාරදෘෂ්‍ය සහ සුපිළිපන්න ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගනු ලබන එවැනි ක්‍රියාමාර්ග මේ රටේ මතු පරපුර වෙනුවෙන් පවා අත්‍යාවශ්‍ය බව මම විශ්වාස කරන අතර, වැසී ඇති සත්‍යය ඒ හරහා නිරාවරණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
පසුගිය දින පාර්ලිමේන්තුවේදී මට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී, ආණ්ඩු පක්ෂය මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබා දුන් සහයෝගය පිළිබඳව මම ඉතාමත් කෘතඥ පූර්වකව සිහිපත් කරන අතර එකී විශ්වාසය නියමින් හෝ අනියමින් පලුදුවන ආකාරයේ කිසිදු කටයුත්තකට මා සම්බන්ධ වී නැති බව මම හෘද සාක්ෂියට එකඟව සහතික කරමි. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව අපේක්ෂා කර පිරිසිදු පාලනය සහ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කටයුතු කළ බවද ඔබතුමන්ට ගෞරවයක් පිණිස සඳහන් කරමි.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට මා විශ්වාස කරන අතර විමර්ශනයන් සිදුවන අතරේ මම මෙම තනතුරේ සිටීම පවා ඊට බාධාවක් වෙතැයි යන ස්ථාවර මත පිහිටා වහාම ක්‍රියාත්මක වන පරිදි 2026.04.17 දින බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමි.
මෙම පරීක්ෂණය අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මා මෙම තීරණය ස්ථාවරව සිටින අතර, එම විමර්ශන ප්‍රකාරව ලැබෙන ඕනෑම තීන්දුවක් මා ඉතසිතින් භාර ගනිමි. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හෝ උදෙසා ඔබතුමා සහ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට මාගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවනු ඇත.
මෙයට,
විශ්වාසී,
කුමාර ජයකොඩි,
බලශක්ති අමාත්‍ය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart