
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැවතත් තම නම සහ රූපය භාවිත කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ජනනය කරන ලද ආයෝජන වංචා පිළිබඳව හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර මහජනතාව දැනුවත් කර ඇත.
NewsWire වෙත අදහස් දක්වමින් සංගක්කාර පවසා ඇත්තේ, වංචනික ආයෝජන වේදිකා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුගේ පැරණි ක්‍රිකට් සම්මුඛ සාකච්ඡා උපයෝගී කරගනිමින්, AI භාවිතයෙන් ජනනය කරන ලද වීඩියෝ සමඟ ඔහුගේ නම සහ රූපය භාවිත කරන බවයි.
“මගේ නම සහ රූපය AI-ජනනය කරන ලද වීඩියෝ සමඟ භාවිතා කරමින් තිබෙනවා” යැයි පවසමින් ඔහු මහජනතාවගෙන් විමසිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටියේය.
වංචා සම්බන්ධයෙන් බලධාරීන්ට පැමිණිලි කර ඇති නමුත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු පවසයි.
ප්‍රසිද්ධ පුද්ගලයන් ඉදිරිපත් කරන බව කියාසිටින ඕනෑම වීඩියෝවක හෝ දැන්වීමක සත්‍යතාව පහත පරිදි සත්‍යාපනය කිරීමට මහජනතාවට උපදෙස් දෙනු ලැබේ:
– එය ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය පිටුවල හෝ සත්‍යාපිත වේදිකාවල දිස්වන්නේදැයි පරීක්ෂා කිරීම
– නිල් සත්‍යාපන ලාංඡන හෝ නිල වෙබ් අඩවි සබැඳි තහවුරු කරගැනීම
– නොදන්නා ආයෝජන වේදිකාවලට මඟපෙන්වන හෝ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින සබැඳි හෝ දැන්වීම්වලින් වැළකී සිටීම
– සැක සහිත අන්තර්ගතයන් වහාම පොලිසියට හෝ සයිබර් අපරාධ අංශයට වාර්තා කිරීම
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart