
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා දැරියකට අමාණුෂික ලෙස පහරදීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර ගතකර ඇති ‘කුකුල් චමින්ද’ නැමිති පුද්ගලයාගේ බිරිද අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරකයින් බියගන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක යෙදී සිට ඇති බවට තොරතුරු අණාවරණය වී ඇති බව හොරොව්පොතාන පොලිසිය පැවැසීය.
ඒ අනුව කුකුල් චමින්දගේ බිරිදවන පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාවහට ඉදිරියෙදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවඳ පොලිසිය කියයි.
මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පොතාන නගරයේ කට් පීස් රෙදි කඩයක මුදලාලි කෙනෙකු තමාට අතවර කිරීමකට ලක්කළ බවට පවසා හොරොවිපොතාන පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබේ. ඒ වනවිට හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා නිවස වෙත ගොස් තිබුණු අතර දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගනිමින් එම පැමිණිල්ල පිළිබඳව දැණුවත් කිරීමටඳ පොලිසිය කටයුතු කර ඇත. ඒ අනුව ලැබුණු උපදෙස් පරිදි එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇත. එහිදී මෙම කාන්තාව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙසටද අධිකරණය පොලිසියට නියොග කර තිබිණි.
ඒ අනුව පෑලව ගල්කොටුවේ ගෙදර චාන්දනි මුනිද්‍රා නැමැති 37 හැවිරිදි සැකකාර කාන්තාව අනුරාධපුර දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එහිදී එම කාන්තාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත තමාට මාසික ශුද්ධිය සෑදී ඇති බව පවසා එදින වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් නොවී පසුව පැමිණීමට එකග වී ඇත. අනතුරුව දින කිහිපයකට පසු නැවත මෙම කාන්තාව හට හොරොව්පොතාන පොලිසිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පැමිණිනෙ ලෙස දන්වා තිබුණි. එහිදීද මෙම කාන්තාව වැලිඔය, පදවිය, වැනි ප්‍රදේශවල නෑදෑ ගෙදරකට පැමිණි ඇති බව පවසා දුරකථනයද විසන්ධි කරමින් පොලිසිය හා අධිකරණ වෛද්‍යවරයා මග හරිමින් සිටීමට උත්සහ දරමින් සිට ඇත.
ඒ පිළිබඳ පොලිසිය දිගින් දිගටම විමර්ශණ සිදුකරමින් සිටින අතරතුර මෙම පැමිණිලිකාරිණිය අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයින් රවටා මුදල් ලබාගැනීමක් සිදුකරමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව පරික්ෂණ සිදු කළ පොලීසිය හට වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවලින්ද මෙවැනිම පැමිණිලි ලැබී ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි. එහෙත් සැකකාර කාන්කාව සැගවී සිටිම හේතුවෙන් පොලීසියහට ඇයව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.
පසුගියදා දැරියකට අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධව කුකුල් චමින්ද නැමැති පුද්ගලයා පිළිබඳ මුහුණු පොත මෙන්ම ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමුකර තිබිණි. ඒ අනුව එහි සිටි කාන්තාව පිළිබඳව හොරොව්පොතාන පොලිසිය අවධානය යොමු කළේය.
ඇය පොලිසිය විසින් සොයමින් සිටි කාන්තාව බව අණාවරණය වූ හොරොව්පොතාන පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ එම නිවස වෙත ගොස් එම සැකකාර කාන්තාව හමුවී කටඋත්තර ලබා ගෙන තිබිණි. එහිදී එම කාන්තාව තමන් විසින් හොරොව්පොතාන පොලිසියේ සිදුකළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව පිළිගෙන ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart