
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසේ ආහාර ගනිමින් සිටි 4 හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් පදවිය ප්‍රදේශයේ පුද්ගලයා අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.
මෙම පහරදීම දැක්වෙන සිදුවීම වීඩියෝවක් ඔස්සේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.
‘කුකුල් චමින්ද’ නොහොත් ‘බිබිලේ චමින්ද’ නමැති අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන සැකකරු පදවිය, සම්පත් නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු තම නිවසේ ආහාර ගනිමින් සිටියදී දරුවාට අමානුෂික ලෙස පහර දෙන අයුරු තවත් පුද්ගලයකු විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය අදාළ පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වීඩියෝව සැළකිව යුතු මහජන විරෝධයක් ඇති කළ අතර, බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ළමා අපයෝජන චෝදනා මත පුද්ගලයාට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart