
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමු කියවීම පරාජයට පත්ව ඇත.
කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සැසිවාරය අද (06) පෙ.ව. 10.00 ට පමණ එහි සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොලොන්න ප්‍රාදේශීය සභාවේ බහුතර ආසන සංඛ්‍යාව විපක්ෂ පක්ෂ විසින් දිනාගෙන තිබිණි. එහිදී ජාතික ජන බලවේගය ආසන 9ක් දිනා ගත් අතර විපක්ෂ කණ්ඩායම් මුළු ආසන 10ක් ලබාගත්හ.
කෙසේවෙතත්, සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වූ විට, ජාතික ජන බලවේගය එම ඡන්දය ජයග්‍රහණය කර කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ස්ථාපිත කළේය.
එහෙත්, මංගල අයවැය සඳහා පැවති පළමු කියවීමේ ඡන්ද විමසීමේදී සභාවේ අයවැය පරාජය කිරීමට විපක්ෂ කණ්ඩායම් දැන් එක්සත් වී ඇති බව වාර්තා වේ.
කොළොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 9 දෙනකුගෙන්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුගෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 3 දෙනකුගෙන්, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුගෙන් සහ ‘සර්වජන බලය’ පක්ෂයේ එක් සාමාජිකයකුගෙන් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart