
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනතුරු ඇඟවීමකින් තොරව ඊශ්රායලය තවදුරටත් සිවිල් වැසියන්ගේ නිවෙස් වෙත ගුවන් ප්රහාර එල්ල කරන්නේ සිය භාරයේ සිටින ඊශ්රායල ජාතිකයන් මරාදමන බවට හමාස් සන්නද්ධ අංශ පවසයි.
එක් ප්රහාරයකට එක් සිවිල් වැසියකු බැගින් මරා දමන බවටයි හමාස් සංවිධානය අනතුරු අඟවා ඇත්තේ.
හමාස් සන්නද්ධ අංශයේ ප්රකාශක අබු උබයිඩා පැවසුවේ, ඔවුන් ඊශ්රායල ප්රාණ ඇපකරුවන් ආරක්ෂිතව හා හොඳින් තබා ගනිමින් ඉස්ලාමීය උපදෙස්වලට අනුකූලව ක්රියාකරන බවයි.
එහෙත් ඊශ්රායලයේ අඛණ්ඩ බෝම්බ ප්රහාර සහ අනතුරු ඇඟවීමකින් තොර ගුවන් ප්රහාරවලින් ඔවුන්ගේ නිවෙස් තුළ සිවිල් වැසියන් ඝාතනය කිරීමට උත්සාහ කිරීමට එරෙහිව දැඩි පියවර ගැනීමට සිදුවන බව උබයිඩා වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart