
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ මල් ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අම්බලන්ගොඩ පොලිසිය පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණයවී ඇති බවයි.
අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ, මල්ශාලාවේ අවමංගල රථයේ රියදුරු අසුන මතදීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගොනපිනුවලගේ තුසිත කුමාර (46) නමැති මල්වැන්න,දකුණ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි.
මල් ශාලා හිමිකරු තම අවමංගල ශාලවේ සේවය කරන සේවකයකු රැගෙන ඒම සදහා ඊයේ රාත්‍රියේ තෙල්වත්ත ආවාසවත්ත ප්‍රදේශයට ගොස් ඇත.
ඝාතනය සිදුව ඇත්තේ, එම ගමන අතරතුරේදී බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart