
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දි එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට බටහිර ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් පත්කර තිබේ.
අන්තර්ජාතික පන්දුවාර 20 තරග 600කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩාකර ඇති කිරන් පොලාඩ්, 2012 වසරේ දි ශ්‍රී ලංකාවේ පැවැති පන්දුවාර ලෝක කුසලානය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායමේ සමාජිකයකුද වේ.
ලබන වසරේ ජූනි මාසයේදි ආරම්භ වන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය අමරිකාවේ සහ කැරිබියන් දුපත් හි පැවැත්වීමට නියමිතව ඇති හෙයින් පොලාඩ්ගේ සහාය ලබාගැනීම එංගලන්ත කණ්ඩායමේ අපේක්ෂා වී තිබේ.
කිරන් පොලාඩ් 2022 වසරේ දි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් අතර, 2023 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තේරී පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart