
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ (University of Illinois, Chicago- UIC-School of Public Health) ගෝලීය සෞඛ්‍ය වැඩසටහනෙන් ලැබුණු ආරාධනයක් මත එහි දේශනයක් සදහා සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන සහභාගී විය.
එම සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ වකුගඩු රෝග අංශයේ ද දේශනයක් පැවැත්වීම සුවිශේෂී කරුණකි.
ලොව පුරා නිවර්තන කලාපීය කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබද එතුමන් විසින් සිදු කල පර්යේෂණ ප්‍රතිඵල මෙහිදී ඉදිරිපත් කලා.
මීට වසර 15 පමණ පෙර එතුමන් පර්යේෂණ අරඹන විට රෝගය ශ්‍රී ලංකාව සහ මධ්‍යම ඇරිකානු රටවල් කිහිපයකට සීමා වුව ද අද වනවිට රටවල් 25 කින් පමණ රෝගීන් වාර්තා වී ඇති බව එහිදි අනාවරණය කෙරිණි.
රෝග පාලනයට වඩාත් සාර්ථක ලෙස පියවර ගත් රට ලෙස ශ්‍රී ලංකාවට ඉහළ පිළිගැනීමක් ලැබී ඇති බවත් එම පියවර සියල්ලම පාහේ චන්න ජයසුමන ඇතුලු පර්යේෂණ කණ්ඩායමේ ඍජු මැදීහත්වීමෙන් සිදු වූ ඒවා බව අවධාරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart