
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් පූර්ව වටයේ තරග මීට ටික වේලාවකට පෙර අවසන් විය.
එහිදී ලොව සුපිරි ධාවකයින් කිහිප දෙනෙකුටම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකිවීම කැපි පෙනුණි.
පළමු අවසන් පූර්ව වටයේ දී පස්වැනි ස්ථානයට පත් ඔලිම්පික් රන් පදක්කම්ලාභී මාසෙල් ජේකොබ්ගේ තත්ත්පර 10.05ක තරග නිමි කාලය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්රමාණවත් නොවීය.
දෙවැනි අවසන් පූර්ව තරගයේ දී වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් දකුණු අප්රිකාවේ අකානී සිම්බීනේට තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
තෙවැනි අවසන් පූර්ව වටයේදී මීටර් 100 පිරිමි වත්මන් ලෝක ශූර ඇමෙරිකාවේ ෆ්රෙඩ් කර්ලි තෙවැන්නා ලෙස තරගය නිමා කළේ තත්ත්පර 10.02ක කාලයක් වාර්තා කරමිනි.
ඒ අනුව ලෝක ශූරයාට මෙවර තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ වරම් අහිමි විය.
පිරිමි මීටර් 100 අවසන් තරගය අද රාත්රියේ පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart