February 12, 2026

කැලණිය විශ්වවිද්‍යාලීය ලියෝ සමාජයේ Education & Literacy Avenue විසින් සංවිධානය කරනු ලබන ‘සංහිද;’ ව්‍යාපෘතියේ තෙවැනි අදියර වන අඩු ආදායම්ලාභී සිසුන් උදෙසා අධ්‍යයාපන කටයුතු සදහා අවශ්‍ය මූල්‍යමය ආධාර හා ලක්ශ 15 ක පමණ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මාතලේ කලල්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී සිදුකෙරිණි.

මෙහි අරමුණ වූයේ ගුණාත්මක අධ්‍යාපන අවශ්‍යතාවයක් වැඩිදියුණු කිරීම හෝ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකරගනිමින් අධ්‍යාපනික ආධාර ලබාදීමයි.

එසේම අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකිවන පරිදි මූල්‍ය ආධාර සැපයීම සඳහා ශිෂ්‍යත්ව යෝජනා කිරීමේ වැඩසටනක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදුකෙරිණි.