
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් දෙලක්ෂ තිස්දහසකට අධික වූ සිය පෞද්ගලික දුරකථන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (25 දා) කොළඹ මහාධිකරණ විනිසුරු එම්. එම්. මොහොමඩ් විහාර් ඉදිරියේදී පැවැත්විණි.
පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ එවකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පරිපාලන හා මානව සම්පත් කළමනාකරු ලෙස කටයුතු කළ නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධනගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන්නේය.
එවකට ජනමාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පෞද්ගලික ජංගම දුරකථන බිල එනම් 2012.03.15 හා 2012.04.17 වැනි දින දක්වා වූ කාලය සඳහා වූ රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අනූනවයයි ශත හතළිස් පහක්වූ බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් ගෙවන ලෙසට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් ජයවර්ධන නමැත්තා ඉල්ලීමක් කර තිබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
එකී ඉල්ලීම එවකට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පළමුවැනි විත්තිකාර ජයම්පතී හීන්කෙන්ද තමා වෙත යොමුකර තිබූ බවත්, සංස්ථාවේ මුදලින් එකී බිල ගෙවීමට නොහැකි බව තමා දැන්වූ බවත්, එහිදී සාක්ෂි දෙමින් පැවසූ සාක්ෂිකරු, ඉහළ නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බැවින් අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ එකඟතාව ඇතිව එම බිල්පත ගෙවීමට පියවර ගත් බවත් පැවසීය.
පළමුවැනි විත්තිකාර ජයම්පතී හීන්කෙන්ද වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේත්, දෙවැනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්සත් ලේඛන රැසක් ඉදිරිපත් කරමින් එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න ඇසූහ.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 09 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමුවැනි සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි යැවීමට නියෝග කළේය.
එකී දුරකථන බිල්පත ගෙවීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අනුමැතිය ලැබී ඇත්තේ බිල්පත ගෙවා මාස තුනකට පසුව වන්නේ යැයිද එම සාක්ෂිකරු අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධනගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart